චොක්ලට් හොරෙන් කාලා බැණුම් අහන්නත් වුණා
Friday, 18 December 2020 - 15:45 | Views - 4,477
හිරු නාළිකාවේ විකාශය වන සිහින ගෙනෙන කුමාරියේ ටෙලි සිතුවම මේ දිනවල ගොඩක් ජනප්‍රියයි. කතාවට අනුව එම නිවසේ ජීවත්වන ළමයින් අතරින් පවුලේ වැඩිමහල් දියණියට පණපොවන්නියයි.

ඔබේ නම දැනගන්නට කැමැතියි?

මම යොහානි හෙට්ටිආරච්චි.

එතකොට සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යයේ ඔබේ චරිතය?

සකුනි.

බොහොම පොඩි වයසේදී තමයි ඔබ රඟපාන්න එන්නේ, එහෙම නේද?

ඔව්. මම මුලින්ම රඟපෑවේ වෙළෙඳ දැන්වීමක. එතකොට මට අවුරුදු තුනක් විතර ඇති.

ඊට පසුව ඔබ තරමක් රංගනයෙන් ඈත් වුණා?

අධ්‍යාපන වැඩ කටයුතුත් එක්ක තමයි එහෙම වුණේ. නමුත් මම ආයෙත් කලා කටයුතුවලට සම්බන්ධ වෙනවා. ළමා නිවේදිකාවක් විදිහට අවුරුදු ගණනාවක් මම වැඩ කටයුතු කළා.

යොහානි ළමා චරිතවලින් මඳක් මිදුණේ සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයෙන් කියලා කිව්වොත්?

ඔව් ඒක හරි. ඒකෙත් මම කරන්නේ ළමා චරිතයක් වුණාට ළමා සහ මුල් යොවුන් විය අතර ගෙවෙන චරිතයක්.

වයසත් එක්ක මම දිගටම ළමා චරිත තමයි මෙතුවක් කල් රංගනයෙන් දායක වුණේ. සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යයේ සකුනි. මට මේ සඳහා ආරාධනා කළේ, රන්ජන් ප්‍රසන්න මහත්මයා මේ වෙලාවේ සිහින ගෙනෙන කුමාරියේ නාට්‍ය අධ්‍යක්ෂ නිවන්ත ප්‍රසාර, චාමර ජයවීර සහ නාට්‍ය රචනා කරන චාලක රණසූරිය කියන මහත්වරුන් මතක් කරන්න ඕනේ.

සිහින ගෙනෙන කුමාරියේ නාට්‍ය රඟපාද්දී ඔබ ඇතුළු ළමයින් පිරිස හොරෙන් චොකලට් කාපු කතන්දරයක් මට ආරංචි වුණා?

ඒක වුණේ එක දවසක් චොකලට් එවන සීන් එකක් තිබුණා. ඒක වෙනුවෙන් චොකලට් ගොඩක් ගෙනත් තිබුණා නාට්‍යයේ ආර්ට් ඩිපාර්න්මන්ට් එකෙන්. අපි කළේ ඒ ටික ඔක්කොම හොරෙන් කාපු එක. මොකද ඒවා දිහා බල බල නිකම් ඉන්නත් බැහැනේ. අන්තිමේ අවශ්‍ය වෙලාවට චොකලට් නැතිවෙලා ආර්ට් ඩිපාර්ට්මන්ට් එකෙන් අපිට බැනුම් අහන්නත් වුණා.

දැන් ඔබට දිගින් දිගටම යොවුන් චරිත සඳහා ආරාධනා ලැබෙයි?

ඔව් එහෙම හිතනවා. මේ වන විට පෞද්ගලිකව සාමාන්‍ය පෙළ හදාරනවා. ඒ අධ්‍යාපන කටයුතුත් සමබරව කරගෙන යන ගමන් රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරන්නයි මං අපේක්ෂා කරන්නේ.

යොහානිගෙ පාසල මතක් කළොත්?

කොළඹ ලින්ඩ්සේ බාලිකා විද්‍යාලය.

 උපන් දිනය?

2004 මාර්තු 17.

ඔබේ පදිංචිය කොහෙද?

මම කොළඹම තමයි.

 

 මංජුල පෙරේරා

yoo yohani hettiarachchi (@YooYohani) | Twitter
Chethana Ranasinghe | LK Model Zone | Sri Lankan No.01 Model Database
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top