රුපියල් 6000කට කම් සැප හොයාගෙන, SPA එකකට ගිය, ඒලෙවල් ලියන්න හිටපු කොල්ලෝ දෙන්නෙකුට වෙච්ච අපරාධය
Friday, 18 December 2020 - 14:48 | Views - 447
තමන්ගේ ජීවිතේ හැම තීන්දුවක්, තීරණයක් ගන්නේ.. ඔබ නම්.. ඔබට ඒකට ලොකුම අයිතිය තියනවා. මේ විදිහට තමන්ගේ ජීවිතේ ගන්න තීන්දු තීරණ වල අයිතිය තමන්ට තියෙනකොට, ඒවායේ යම් දෝෂයක් තිබුණොත්...? ඒකේ සම්පූර්ණ වගකීමත් ඔහු භාර ගත යුතුමයි...
 
ඒක අපි කාටවත් පවරන්න බැහැ... සිතුවිලි වල අතරමං වෙලා, තමන් යා යුතු මාර්ගය නිවැරදිව අඳුනගන්න බැරි වෙච්ච තරුණයෙකුගේ කතාවක්...
 
එහෙම නම් හැඟීම් ගනුදෙනුවට පෙර තව පාරක් හිතන්න..

සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 143 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.....
 
ඒ ලෙවල් කරන්න හිටපු "සම්පත්"ගේ ජීවිතේ අවාසනාවන්ත දවස් මහා ඉක්මණින් "සම්පත්ව" හොයාගෙන ආවා. එහෙව් දවස් ගැන සම්පත් මතකය අවදි කරන්නෙ බොහෝම අකැමැත්තෙන්.
 
පුංචි කොල්ලෙක් වුනත් ලොකු හීන දකින්න සම්පත් ආස කළා. දෙමව්පියෝ දෙන්නා වැඩිපුර තමන් ගැන හොයන්නෙ නැති තැන, "ෆෝන්" එකෙන් "අන්තර්ජාලය" ශුද්ධ පවිත්‍ර කරන වැඩේ සම්පත් බොහෝම උජාරුවට කරගෙන ගියා.
 
ඒ අතරින් සම්පත්ගේ හැම සෙවුමකම තිබුනේ "අසභ්‍ය" වෙබ් අඩවි. මේවාට තදින්ම ඇබ්බැහි වෙච්ච සම්පත්, ඒවා අත්හදා බලන්න ආශාවෙන් පසුවුනා.
 
මත්ද්‍රව්‍යවලට තිබුනු හුරුව කාන්තාවන් කෙරෙහිත් ඇති වෙන්න ගත්තූ සම්පත්ටත්, එයාගේ මිත්‍රයටත්, "කළු අයියා" කියලා හාදයෙක් "ස්පා" එකක කාන්තාවක් හඳුන්වලා දෙනවා.
 
ජීවිතේ පළවැනි වතාට ඈ එක්කලා ලිංගික පහස විඳින්න ගිය සම්පත්ට නොහිතපු විදිහේ අකරතැබ්බයට මුහුණ දෙන්න වුනා.
 
තමන්ගේ විනාඩි ගණනක ආශාව වෙනුවෙන් "ශරීර කූඩුව" කැප කළා වුණත්... අන්තිමට සම්පත් දැන ගත්තා ඒ ගැහැනිය තමන්ගේ "ශරීරය" විනාශ කරපු කොන්ත්‍රාත්කාරියක් වග...
 
අතරමඟදි හමුවී අතරමඟදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී.
 
මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.
 
සම්පත්-ගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්.......
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top