නිෂාරා ජයරත්න පාස්කු කොමිසමට පැමිණෙයි
Friday, 18 December 2020 - 13:41 | Views - 475
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන්නා.

එහිදී ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ ගොනු භාරව සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවිගේ නීතිඥවරයා ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම උණුසුම් මුහුණුවරක් ගැණුණා.

සහරාන් හෂීම් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පතා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අදාළ ප්‍රශ්නගත ගොනුව යොමුකර තිබුණේ 2017 වසරේදීයි.

පාස්කු ප්‍රහාරය එල්ලවන තෙක් එම ගොණුව භාරව සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි සහ රජයේ අධිනීතිඥ මාලික් අසීස් යන නිලධාරීන් නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් පසුගියදා කරුණු අනාවරණය වුණා.

එදින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවිගේ නීතිඥවරයා කොමිසමෙන් කළ ඉල්ලීමක් මතයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනිය ඊයේ පස්වරුවේ සාක්ෂිය සඳහා කොමිසම වෙත කැඳවා තිබුණේ.

ඒ, නීතිපතිවරයා විසින් 2019 වසරේ ජුනි 18 එවක වැඩබලන පොලිස්පතිවරයාට යොමුකර තිබූ ලිපියක් ඇසුරින් සකස් කෙරුණු මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් විමසීම සඳහායි.

සාක්ෂි ලබාදෙමින් නිෂාරා ජයරත්න සඳහන් කළේ එම මාධ්‍ය නිවේදනය නිකුත් කිරීමේ අරමුණ වූයේ එවක වැඩබලන පොලිස්පතිවරයාට යැවූ ලිපිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම නොව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහරාන් පිළිබඳ වූ ගොණුව සම්බන්ධයෙන් කළ අසත්‍ය චෝදනාවක් නිවැරදි කිරීම බවයි. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනා සහරාන් හෂීම්ගේ ගොනුව සම්බන්ධයෙන් නිවැරදි ආකාරයෙන් කටයුතු කළාද නැත්ද යන්න මාධ්‍යයට පෙන්වා දීමක් කිසිලෙසකවත් එහි අරමුණක් නොවූ බව නිෂාරා ජයරත්න වැඩිදුරටත් සඳහන් කළා.

අනතුරුව සාක්ෂිකාර නිෂාරා ජයරත්නගෙන් හරස් ප්‍රශ්න විමසීමට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දුට අවස්ථාව  හිමිවූ අතර එම ප්‍රශ්න කිරීමේදී ඇති වූ සංවාදය උණුසුම් මුහුණුවරක් ගත්තා.

මෙහිදී තමන්ට ද නීතිමය සහයක් අවශ්‍ය බව පවසා, සාක්ෂි ලබාදීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙස සාක්ෂිකාරිය ඉල්ලීමක් කළා. ඒ අනුව, වැඩිදුරටත් සාක්ෂි විමසීම ලබන සඳුදාට කල් දමනු ලැබුවා.

මේ අතර, ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක කරුණු හෙළි කළ නාමල් කුමාර නමැත්තා මේ වනවිට ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට කැඳවා ඇති අතර, එම සාක්ෂි විමසීම මාධ්‍යයට විවෘත වන්නේ නැහැ. එමෙන්ම, වන්ද්‍යකරණ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වූ වෛද්‍ය සාෆි සහබ්දීන් ද අද පස්වරුවේ පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top