බීමත්ව රිය ධාවනය කිරීමේ වැටලීම් යළි අඛන්ඩව
Friday, 18 December 2020 - 12:43 | Views - 284
අධික වේගයෙන් සහ බීමත්ව රිය ධාවනය කරන්නන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් අද සිට ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ ඇති වූ සංචරණ සීමා නිසා රිය අනතුරුවල පාලනයක් සිදුවූවද එය නැවතත් රිය අනතුරු සිදුවීමේ ප්‍රවණතාව වර්ධනයක් සිදුවී තිබෙනවා.
ඒ අනුව මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රථවාහන අංශයේ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ අතර, එගොඩඋයන - නව ගාලුපාරේ පදික මාරුවකදී යතුරුපැදියක ගැටී කුඩා දැරියන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වී ඔවුන්ගේ ගර්භණී මව තුවාල ලැබූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යතුරුපැදිකරු ලබන 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඊට අදාළ නඩුව මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අද කැඳවූ අවස්ථාවේදීයි.
පසුගිය 4 වනදා රාත්‍රි 10 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, මියගිය දැරියන් දෙදෙනාගේ වයස අවුරුදු 1 ක් සහ අවුරුදු 7 ක්. බරපතල තුවාල ලැබූ මව තවදුරටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
Share This Article