කුසට අහරක් නැතිව සිටි අවුරුදු 03ක දැරියට මඩොල්සිම පොලිසිය පිහිට වෙයි
Friday, 18 December 2020 - 11:41 | Views - 483
මෙලොවට බිහිකළ මව අත්හැර දමා යෑමෙන් පසුව සිය පියා විසින් වරින් වර කැඳවාගෙන ආ කුඩම්මලාගේ හිරිහැරවලට ලක්වෙමින් කටුමැටි පැල්පතක අසරණව, කුසට අහරක් නොමැතිව විවිධ වූ අඬම්තේට්ටම්වලට මුහුණදී හෙම්බත්ව සිටි වයස අවුරුදු තුනක දැරියක් නහවා පිරිසිදු කොට අලූත් ඇඳුම් අන්දවා කවා පොවා පරිවාස භාරයට පත් කිරීමට මඩොල්සිම පොලිසියේ නිලධාරීහු පිරිසක් ඊයේ (17) කටයුතු කර තිබෙනවා.

මඩොල්සිම පොලිස් වසමට අයත් මැටිගහතැන්න, බකිනිලන්ද ප්‍රදේශයේ පදිංචි අවුරුදු තුනක් වයසැති හිමංසා සල්මිනි නමැති දැරියක් මෙලෙස පරිවාස භාරයට පත් කෙරුණු බවත් සඳහන්.

මෙම දැරිය මීට පෙර අවස්ථාවකදීද ඇයගේ මව විසින් කැලෑවක අතරමං කොට දමා ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් දැරියගේ මවට විරුද්ධව අධිකරණයේ නඩුවක්ද ගොනුකර තිබෙනවා. සිද්ධියට සම්බන්ධ දැරියගේ පියාගේ අනියම් බිරියක් විසින් කරන ලද පැමිණිල්ලක් මත මෙම දැරිය පරිවාස භාරයට පත් කිරීමට කටයුතු කර ඇති බවත් සඳහන්. මෙම දැරියට වයස අවුරුදු දෙකක් පමණ වෙද්දී ඇයගේ මව දැරිය හා සැමියා අත්හැර ගොස් වෙනත් විවාහයක් කරගෙන ඇති අතර දැරියගේ පියාද අවස්ථා කීපයකදීම අනියම් බිරින්දෑවරුන් කීප දෙනකුම සිය නිවස වෙත කැඳවාගෙන ආ බවත් වැඩිදුරටත් පැවසෙනවා.

ඒහෙත් ඔහු සමග දබර කර ගන්නා ඔවුන් දැරිය හා පියා අත්හැර දමා ගොස් ඇති අතර පෙරේදා (16) පොලිසිය වෙත පැමිණි තවත් අනියම් බිරියක් දැරිය පත්ව සිටින අනාරක්ෂිත බව සම්බන්ධයෙන් මඩොල්සිම පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා. ඒ් අනුව වහාම ක්‍රියාත්මක වූ මඩොල්සිම පොලිසියේ පො.ප. ප්‍රසාද් දයානන්ද, කා.පො.සැ. (5707) එම්. ජයපද්ම මහත්මිය හා කා.පො.කො. ඒ. කුමාරි මෙනවිය ඇතුළු පිරිසක් දැරිය පදිංචි නිවස වෙත ගොස් දැරිය පොලිස් ස්ථානය වෙත රැගෙන ඒ්මට කටයුතුකර තිබෙන බවත් සඳහන්.

කෙසේ වෙතත් පොලිසිය තුළ ඇය තබා ගැනීමට නීත්‍යනුකූල අවසරයක් නොමැතිකම නිසාම ඇය ඊයේ (17 ) බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කර ඉන් පසුව පරිවාස භාරයට පත් කිරීමට ප්‍රසාද් දයානන්ද මහතා කටයුතු කර තිබෙනවා.

දිවයින
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top