මාවතගම වෙළඳසැලක් අසල අමුතු සෙවනැල්ලක් CCTV කැමරාවේ සටහන්වෙයි
Friday, 18 December 2020 - 11:24 | Views - 870
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වෙළඳසැලක සවිකර තිබූ CCTV කැමරාවක සටහන් වූ දර්ශන පෙළක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
එහි සඳහන් වන්නේ කිසියම් හඳුනානොගත් අඳුරු ඡායාවක් එහි චලනය වන ආකාරයයි.
අදාළ සිදුවීම වාර්තාවන්නේ මාවතගම නුවර පාර ප්‍රදේශයෙන්.
එම ප්‍රදේශයේ යතුරු පැදි අලෙවිසැලක සවිකර තිබූ CCTV කැමරාවකයි මෙලෙස හඳුනානොගත් අඳුරු ඡායාවක් චලනය වන අයුරු සටහන් වී ඇත්තේ.
කෙසේ වෙතත් අදාළ සිදුවීම කුමක් ද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැති බවයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ.
මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අදාළ CCTV දර්ශන පෙළ පහතින්.
Share This Article