නාවල මාර්ගයක් අසල තිබූ කාන්තා මළසිරුරේ අනන්‍යතාව හෙළිවෙයි
Friday, 18 December 2020 - 10:33 | Views - 446
නාවල සේනානායක මාවතේ ඇදවැටී තිබූ කාන්තා මළසිරුරක් හමුව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි කාන්තාවක් බවටයි තොරතුරු වාර්තාවන්නේ.
වැලිකඩ පොලිසියට ලද තොරතුරකට අනුවමෙම කාන්තා මළසිරුර සොයාගෙන තිබෙනවා.
මියගොස් ඇති කාන්තාව නාවල රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවටයි අනාවරණ වී ඇත්තේ.
ඥාතීන් ප්‍රකාශ කරන්නේ සිය පුතුගේ නිවසට ගොස් පැමිණෙමින් සිටියදී මෙම කාන්තාව මියගොස් ඇති බවයි.
මියගොස් ඇති කාන්තාව හදවත් සැත්කමක් සිදුකර ඇති කාන්තාවක් බවයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
Share This Article