මොඩර්නා එන්නතටත් අමෙරිකානු අනුමැතිය
Friday, 18 December 2020 - 9:34 | Views - 350
අමෙරිකානු මොඩර්නා කොවිඩ් 19 එන්නතට එරට ආහාර හා ඖෂධ පරිපාලනයේ විශේෂඥ උපදේශක මණ්ඩලයක් මගින් අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ අනුව ඉදිරි පැය 24 තුළදී ඒ සඳහා ඖෂධ පරිපාලනයේ අනුමැතිය ඊට හිමිවනු ඇති.
21 දෙනෙකුගෙන් යුත් උපදේශක කමිටුව 20 ට බිංදුවක් ලෙස වයස අවුරුදු 18 ඉක්ම වූ පුද්ගලයින්ට එන්නත් කිරීම සඳහා අනුමැතිය ලබාදුන්නා.
මීට සතියකට පෙර ෆයිසර් බයෝඑන්ටෙක් එන්නතට අනුමැතිය ලබාදුන්නේද මෙම කමිටුවයි.
අමෙරිකාවේ මෙලෙස දෙවන කොරෝනා එන්නතටද අනුමැතිය හිමිවන්නේ එරට දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 3500 ද ඉක්මවා තිබියදීයි.
මේ වනවිට අමෙරිකානුවන් 317,928 ක් කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇති අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව 17,626,770 ක්.
Share This Article