මොඩර්නා එන්නතටත් අමෙරිකානු අනුමැතිය
Friday, 18 December 2020 - 9:34 | Views - 351
අමෙරිකානු මොඩර්නා කොවිඩ් 19 එන්නතට එරට ආහාර හා ඖෂධ පරිපාලනයේ විශේෂඥ උපදේශක මණ්ඩලයක් මගින් අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව ඉදිරි පැය 24 තුළදී ඒ සඳහා ඖෂධ පරිපාලනයේ අනුමැතිය ඊට හිමිවනු ඇති.

21 දෙනෙකුගෙන් යුත් උපදේශක කමිටුව 20 ට බිංදුවක් ලෙස වයස අවුරුදු 18 ඉක්ම වූ පුද්ගලයින්ට එන්නත් කිරීම සඳහා අනුමැතිය ලබාදුන්නා.

මීට සතියකට පෙර ෆයිසර් බයෝඑන්ටෙක් එන්නතට අනුමැතිය ලබාදුන්නේද මෙම කමිටුවයි.

අමෙරිකාවේ මෙලෙස දෙවන කොරෝනා එන්නතටද අනුමැතිය හිමිවන්නේ එරට දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 3500 ද ඉක්මවා තිබියදීයි.

මේ වනවිට අමෙරිකානුවන් 317,928 ක් කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇති අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව 17,626,770 ක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top