මාර්ග අනතුරු යළි වැඩිවීමේ ප්‍රවණතාවක්
Friday, 18 December 2020 - 9:21 | Views - 306
ශ්‍රී ලංකාව තුළ දිනකට සිදුවන රිය අනතුරුවල වැඩිවීමක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ ඇති වූ සංචරණ සීමා නිසා රිය අනතුරුවල පාලනයක් සිදුවූවද එය නැවතත් පෙර පැවති තත්ත්වය දක්වා වර්ධනය වී අවසන්.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රථවාහන අංශයේ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් ප්‍රකාශ කළා.
Share This Article