සති අන්තයෙත් නිරෝධායන නියෝගවලට අනුව කටයුතු කරන්නැයි ඉල්ලීමක්
Friday, 18 December 2020 - 8:55 | Views - 360
ගතවූ පැය 24 ක කාලය තුල මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 37 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ඒ අනුව ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා කාලය තුළ එවැනි වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව 1,562 ක්.
මේ අතර, එළැඹෙන සති අන්තයේදී මෙන්ම උත්සව සමයේදීද නිරෝධායන නියෝගවලට අනුගතවෙමින් ජනතාව කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් ප්‍රකාශ කළා.
Share This Article