බොකොහරාම්වරුන් පැහැරගත් ළමයින් නිදහස් කෙරේ
Friday, 18 December 2020 - 8:49 | Views - 348
බොකොහරාම් ත්‍රස්ත කල්ලිය විසින් වයඹ දිග නයිජීරියාවේ දේශ සීමා ප්‍රදේශයෙන් පැහැරගත් පාසල් ළමයින් 344 දෙනෙකු මුදා හැර තිබෙනවා.
ත්රස්තවාදීන් කඩා වැදුණු උසස් විද්‍යා පාසල පිහිටි කට්සිනා ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එලෙස නිදහස ලැබූ ළමයින් යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවන බවයි. කෙසේ නමුත්, තවත් ළමයින් පිරිසක් තවදුරටත් ත්‍රස්ත කල්ලිය විසින් රඳවාගෙන සිටින බවට ඇතැමුන්ගේ අදහසයි.
බටහිර අධ්‍යාපනයට එරෙහි බොකෝහරාම්වරුන් 2014 වසරේදීද නයිජීරියාවේ චිබොක් ප්‍රදේශයෙන් පාසල් සිසුවියන් 300 කට අධික පිරිසක් පැහැරගත් අතර, ඔවුන්ගෙන් බහුතරයක් වසර ගණනාවක් රඳවාගෙන සිටීමෙන් අනතුරුව මුදාහරිනු ලැබුවා.
Share This Article