ඉන්දියාවේ දිල්ලියට භූ කම්පනයක්
Friday, 18 December 2020 - 8:09 | Views - 339
ඉන්දියාවේ දිල්ලි හි භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකර ඇත්තේ අදාළ භූ කම්පනය රිච්ටර් මාපාංක 4.2ක අගයක් ගත් බවයි.
අදාළ භූ කම්පනය හේතුවෙන් මෙතෙක් කිසිදු දේපළ හෝ පුද්ගල හානි වාර්තා වී නොමැති බවද එම වාර්තාවල සඳහන්.
කෙසේ වෙතත් භූ කම්පනය සිදුවීමත් සමඟ විවිධ ප්‍රදේශවල ජනයා භීතියට පත්ව සිටි බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මෙම කම්පන තත්වය දිල්ලියේ ගුර්ගෝන්, ගසියාබාද් සහ නොයිඩා යන ප්‍රදේශවලට දැනී ඇති බවයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ.
අප්‍රේල් මාසයේ සිට මේ දක්වා ඉන්දියාවේ දිල්ලිය ආශ්‍රිතව භූ කම්පන 20ක් පමණ සිදුව ඇති බවද අදාළ වාර්තාවල සඳහන්.
Share This Article