ඉන්දියාවේ දිල්ලියට භූ කම්පනයක්
Friday, 18 December 2020 - 8:09 | Views - 340
ඉන්දියාවේ දිල්ලි හි භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකර ඇත්තේ අදාළ භූ කම්පනය රිච්ටර් මාපාංක 4.2ක අගයක් ගත් බවයි.

අදාළ භූ කම්පනය හේතුවෙන් මෙතෙක් කිසිදු දේපළ හෝ පුද්ගල හානි වාර්තා වී නොමැති බවද එම වාර්තාවල සඳහන්.

කෙසේ වෙතත් භූ කම්පනය සිදුවීමත් සමඟ විවිධ ප්‍රදේශවල ජනයා භීතියට පත්ව සිටි බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙම කම්පන තත්වය දිල්ලියේ ගුර්ගෝන්, ගසියාබාද් සහ නොයිඩා යන ප්‍රදේශවලට දැනී ඇති බවයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ.

අප්‍රේල් මාසයේ සිට මේ දක්වා ඉන්දියාවේ දිල්ලිය ආශ්‍රිතව භූ කම්පන 20ක් පමණ සිදුව ඇති බවද අදාළ වාර්තාවල සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top