කොරෝනා ආසාදිත මවක්, කොළඹ “ද සොයිසා කාන්තා රෝහලේ” දී සිවු නිවුන් දරුවන්ට උපත දුන් හැටි
කොරෝනා අසාදිත මවක්, කොළඹ “ද සොයිසා කාන්තා රෝහලේ” දී සිවු නිවුන් දරු උපතක් සිදු කර තිබෙනවා.
එම රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරි කිරිවන්තුඩුව හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ සිවු නිවුන් දරු උපත සිදු කළ මව 29 හැවිරිදි මරදාන කුප්පියාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි.
මව සහ දරුවන් සිවු දෙනා නිරෝගි සුවයෙන් පසුවන බවයි රෝහල් අධ්‍යක්ෂිකාව වැඩිදුරටත් සඳහන් කළේ.
ගැහැණු ළමුන් දෙදෙනෙකු සහ පිරිමි දරුවන් දෙදෙනෙකු මෙසේ උපත ලබා ඇති අතර, විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙකු ඇතුළු වෛද්‍යවරුන් 8 දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායමක් මේ සඳහා සහභාගී වී තිබෙනවා.
එම දරුවන් සිව් දෙනාගේ රැපිඩ් පරීක්ෂණ-වලින් හෙළි වී ඇත්තේ ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි. කෙසේ වෙතත්, පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල පිටත් කර යවා ඇති බව සඳහන්.
ද සොයිසා රෝහලේදි සිදු වූ එම සිව් නිවුන් දරු උපතේ ඡායාරූප පෙළක් පහතින්..

