කොරෝනා ආසාදිත මවක්, කොළඹ “ද සොයිසා කාන්තා රෝහලේ” දී සිවු නිවුන් දරුවන්ට උපත දුන් හැටි
Thursday, 17 December 2020 - 17:01 | Views - 391
කොරෝනා අසාදිත මවක්, කොළඹ “ද සොයිසා කාන්තා රෝහලේ” දී සිවු නිවුන් දරු උපතක් සිදු කර තිබෙනවා.
 
එම රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරි කිරිවන්තුඩුව හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සිවු නිවුන් දරු උපත සිදු කළ මව 29 හැවිරිදි මරදාන කුප්පියාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි.

මව සහ දරුවන් සිවු දෙනා නිරෝගි සුවයෙන් පසුවන බවයි රෝහල් අධ්‍යක්ෂිකාව වැඩිදුරටත් සඳහන් කළේ.

ගැහැණු ළමුන් දෙදෙනෙකු සහ පිරිමි දරුවන් දෙදෙනෙකු මෙසේ උපත ලබා ඇති අතර, විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙකු ඇතුළු වෛද්‍යවරුන් 8 දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායමක් මේ සඳහා සහභාගී වී තිබෙනවා.
 
එම දරුවන් සිව් දෙනාගේ රැපිඩ් පරීක්ෂණ-වලින් හෙළි වී ඇත්තේ ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි. කෙසේ වෙතත්, පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල පිටත් කර යවා ඇති බව සඳහන්.
 
ද සොයිසා රෝහලේදි සිදු වූ එම සිව් නිවුන් දරු උපතේ ඡායාරූප පෙළක් පහතින්..

No description available.
No description available.
No description available.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top