ප්‍රංශ ජනාධිපතිටත් කොරෝනා
Thursday, 17 December 2020 - 16:11 | Views - 341
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා.
42 හැවිරිදි ජනාධිපතිවරයා මේ වන විට ඔහුගේ නිල නිවසේ නිරෝධායනයට ලක්කර ඇති බවයි වාර්තා වන්නේ.
කොරෝනා රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් ඔහුට සිදුකළ පරීක්ෂණවලින් කොරෝනා ආසාදනය වී ඇති බවටය තහවුරු කර ගැණුනා.
ඔහුගේ කාර්යාල වාර්තා සඳහන් කර ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වුව ද ජනාධිපති එමානුවෙල් මැක්රොන් රාජකාරී කටයුතුවලට කඩිනමින් එළඹෙනු ඇති බවයි.
කෙසේවෙතත් ප්‍රංශ ජනාධිපතිවරයාට කොරෝනා වෛරසය ආසාදනය වූ ආකාරය මෙතෙක් තහවුරු වී නැහැ.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ප්‍රංශය පසුගියදා රාත්‍රී කාලයට පමණක් ඇඳිරි නීතිය පැනවීමට ද පියවර ගැනුනා.
මේවන විට ප්‍රංශයෙන් කොරෝනා ආසාදිතයන් ලක්ෂ 20කට වැඩි ප්‍රමාණයක් වාර්තාවී ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 59400ක්.
Share This Article