නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමේ කිසිඳු සාකච්ඡාවක් මෙතෙක් කර නෑ
Thursday, 17 December 2020 - 14:14 | Views - 326
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් පසුගිය රජය අත්සන් කළ ගිවිසුම් රටට ගැළපෙන ලෙස සකස් කිරීමට කටයුතු කරන බව ශ්රී ලංකා වරාය අධිකාරිය පවසනවා.
එහි සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා මේ බව ප්රකාශ කළේ, හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින්.
ශ්රී ලංකා වරයා අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා සදහන් කළේ, නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමේ කිසිදු සාකච්ඡාවක් මෙතෙක් සිදුකර නොමැති බවයි.
Share This Article