බන්ධනාගාර ආශ්‍රිතව අදත් නව කොරෝනා ආසාදිතයින් 63දෙනෙක්
Thursday, 17 December 2020 - 13:59 | Views - 311
බන්ධනාගාර ආශ්‍රිතව නව කොරෝනා ආසාදිතයින් 63 දෙනෙකු අද දිනයේදී හඳුනාගෙන තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ආසාදිතයින් අතර, බන්ධනාගාර නිලධාරින් තුන්දෙනෙකු ද සිටින බවයි.
එමෙන්ම, එම ආසාදිතයින් අතරට, නේවාසික පිරිමි රැඳවියන් 56 දෙනෙකු සහ කාන්තා රැඳවියන් 4 දෙනෙකු ඇතුළත්.
ඒ අනුව මේ වනවිට බන්ධනාගාරය ආශ්‍රිතව මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3279 ක් දක්වා ඉහළ යනවා.
ඉන් සුවය ලැබූ සංඛ්‍යාව 1189 ක් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Share This Article