විදේශයන්හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 234දෙනෙකු අද දිවයිනට
Thursday, 17 December 2020 - 12:40 | Views - 426
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 234 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල හරහා අද අලුයම දිවයිනට පැමිණියා.
අද පෙරවරු 8.30 න් අවසන් වු පැය 24 තුළ කටුනායක ගුවන්තොටුපලෙහි ගුවන් මෙහෙයුම් 8 ක් මගින් මෙම පිරිස පැමිණ ඇති අතර, ඉන් 54 දෙනෙකු ඕමානයේ - මස්කට් සිට පැමිණි ශ්‍රී ලාංකිකයින්.
එමෙන්ම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් 40 දෙනෙකු සහ කටාර් රාජ්‍යයේ සිට 42 ක් දිවයිනට පැමිණ තිබෙනවා.
එසේම, තවත් ගුවන් මගීන් 388 දෙනෙකු අද අලුයම වනවිට විදේශ රටවල් බලා කටුනායක ගුවන්තොටුපල හරහා පිටත්ව ගොස් ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
Share This Article