නත්තල් දේව මෙහෙයන් සෞඛ්‍ය නිර්දේශ යටතේ සිදුකිරීමට අවසර
Thursday, 17 December 2020 - 11:51 | Views - 288
නත්තල් දේව මෙහෙයන් සෞඛ්‍ය නිර්දේශ යටතේ සිදුකරන ලෙසට අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් සියලුම මීසම් භාර පියතුමන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අගරදගුරු හිමිපාණන් සඳහන් කළේ හුදකලා කර නොමැති ප්‍රදේශවල දේව මෙහෙයන් 50 කට නොඅඩු බැතිමතුන් පිරිසක් සමඟ කාණ්ඩ වශයෙන් සිදුකිරීමට අවසර ලබාදී ඇති බවයි.
එමෙන්ම, නත්තල් දේව මෙහෙයන් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට ද සියලු කටයුතු සූදානම් කර ඇති බව අගරදගුරු හිමිපාණන් වැඩිදුරටත් එහිදී සඳහන් කළා.
Share This Article