අනතුරින් මියගිය නියමුවාගේ දේහය නිවසට
Thursday, 17 December 2020 - 11:45 | Views - 3,742
ත්‍රිකුණාමලය මහරෝහලේ තැන්පත් කර තිබූ ගුවන් නියමු අමරකෝන් මහතාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් අනතුරුව දේහය රුවන්වැල්ල මාපිටිගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන විත් තිබෙනවා.

කන්තලේ - සූරියපුර දී පී.ටී සික්ස් වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක්වීම සම්බන්ධයෙන් සොයා බැලීමට එයාර් කොමදෝරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල පරීක්ෂණ මදුල්ලක් පත්කර තිබෙනවා.

ඊට ගුවන් හමුදාවේ ගුවන් යානා ඉංජිනේරුවරුන් දෙදෙනෙකුද ඇතුළත් බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පුහුණු ගුවන් සැසියක් සඳහා ත්‍රීකුණාමලය - චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයෙන් ගුවන්ගත වූ පී.ටී සික්ස් වර්ගයේ ගුවන් යානය කන්තලේ, සූරියපුර, ජනරංජන වැව ආසන්නයේදී අනතුරට ලක් වුණේ ඊයේ පස්වරුවේදීයි.

පැය කිහිපයක් තිස්සේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ගුවන් යානයේ නියමු පුහුණු වන කැඩෙට් නිලධාරී ශාලින්ද අමරකෝන් මහතා ත්‍රිකුණාමලය මහරෝහලට රැගෙන ගියද ඒ වන විටත් ඔහු මියගොස් සිටියා.

මේ අතර අනතුර සිදු වූ ස්ථානය අද දිනයේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් පරීක්ෂා කළ අතර ගුවන් හමුදාවේ ගුවන් යානා දෙකක් මගින්ද එම ස්ථානය නිරීක්ෂනය කළේ මෙලෙසින්.

පොලිසිය සඳහන් කළේ විශේෂ අපරාධ සම්බන්ධ තවත් පොලිස් කණ්ඩායමක්ද එම ස්ථානය පරීක්ෂාවට ලක් කළ බවයි.

ත්‍රිකුණාමලය මහරෝහලේ තැන්පත් කර ඇති ගුවන් නියමු අමරකෝන් මහතාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අද පස්වරුවේ ලැබීමෙන්
අනතුරුව දේහය රුවන්වැල්ල මාපිටිගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ඒමට නියමිතයි.

කෙසේ වෙතත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසුවේ සූරියපුර ජනරංජන වැව ආසන්නයේදී අනතුරට ලක්ව ඇත්තේ 2018 වසරේදී චීනයෙන් මිලදී ගත් නියමුවන් දෙදෙනෙකුට ගමන්කළ හැකි නවතම පී.ටී සික්ස් නන්චැන්ග් වර්ගයේ ගුවන් නියමුවන් පුහුණු කිරීමේ යානා 6න් එකක් බවයි.
Image may contain: tree, sky, house, outdoor and natureImage may contain: tree, outdoor and natureImage may contain: one or more people and outdoorImage may contain: 1 person, flower and indoorImage may contain: 1 person, flower, plant and indoor

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top