ඇමෙරිකාවේ කොරෝනා මරණ සහ ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළට
Thursday, 17 December 2020 - 11:09 | Views - 349
ඇමෙරිකානු එක්සත් ජනපදයෙන් දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ නව වාර්තාවක් පිහිටුවමින් 3700 ඉක්මවා තිබෙනවා.

එමෙන්ම, ඊයේ පැය 24 ක් තුළ ඇමෙරිකාවෙන් නව කොරෝනා ආසාදිතයින් 250,000 කට වැඩි සංඛ්‍යාවක් ද හඳුනාගෙන ඇත්තේ නව වාර්තාවක් ලෙසින්.

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා ව්‍යාප්තිය මාසයක පමණ කාලයක සිට සීඝ්‍රලෙස ඉහළ ගොස් ඇති අතර, ඊයේ දිනයේ පමණක් රෝහල් ගත කළ සංඛ්‍යාව 113,000 කට අධිකයි.

එය ද, මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික රෝහල් ගත කිරීම බව ඇමෙරිකානු සෞඛ්‍ය සහ මානව සේවා දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්ත මගින් පෙනී යනවා.

ගත වූ සතිය තුළ ඇමෙරිකාවේ දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව තුන්වරක් 3000 ඉක්මවා ගිය අතර, ඊයේ දිනයේ එම සංඛ්‍යාව 3784 ක්.

එමෙන්ම, ගත වූ සති දෙක සැලකූ විට දින 11 කම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවා ගියා.

පසුගිය මස අවසානයේ ඇමෙරිකානුවන් තුති පිදීමේ නිවාඩු සමය සඳහා සංචාරයේ නිරත වීම මෙන්ම, පවුල් වල සාමාජිකයින් සහ මිතුරන් සමග එක්වීම මෙලෙස ආසාදිතයන් සංඛ්‍යාව සහ මරණ ඉහළ යාමට හේතුව ලෙස සැලෙකනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top