ඊයේත් වැඩිම ආසාදිතයින් කොළඹින්
Thursday, 17 December 2020 - 10:54 | Views - 432
මෙරටින් ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 616 දෙනා අතුරින් වැඩිම සංඛ්‍යාවක් වූ ආසාදිතයින් 266 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව, බොරැල්ලෙන් ආසාදිතයින් 65 ක් මට්ටක්කුලියෙන් ආසාදිතයින් 62 ක් සහ කොම්පඤ්ඤවීදියෙන් ආසාදිතයින් 17 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ඊට අමතරව, මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයෙන් ආසාදිතයින් 99 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගත් ආසාදිතයින් සංඛ්‍යාව 94ක්.
Share This Article