විදුලිබල උපාංග රට තුළ නිපදවන්න අවධානය
Thursday, 17 December 2020 - 9:50 | Views - 271
දේශීය කර්මාන්තයන්ට මුල්තැන දෙමින් විදුලිබල උපාංග රට තුළ නිෂ්පාදනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ විදුලිබල අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
ඒ, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන්.
විදුලිය බෙදා හැරීමේ පද්ධතිය සඳහා අවශ්‍ය පරිවාරක දේශිය වශයෙන් නිෂ්පාදනය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.
ඒවා ආනයනය කිරීම සඳහා මේ වනවිට විශාල මුදලක් වැය වනවා.
ඊට අදාළව සය පුද්ගල කමිටුවක් පත් කර ඇති අතර, එහි වාර්තාව මසකින් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වෙත ලබාදීමට නියමිතයි.
Share This Article