කොරෝනා වෛරසයේ සුලමුල සොයා ලෝක සෞඛ්‍ය සංවිධානය වූහාන් නුවරට
Thursday, 17 December 2020 - 9:12 | Views - 352
කොරෝනා වෛරස් ගෝලීය වසංගතයේ මූලාරම්භය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර විද්‍යාඥයන් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලබන මාසයේ චීනයේ වූහාන් නුවර වෙත පිටත්ව යෑමට නියමිත බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළා.
පසුගිය දෙසැම්බරයේ කොරෝනා වෛරස් ගෝලීය වසංගතය ආරම්භ වූයේ චීනයේ වූහාන් නුවර වනසත්ව මස් වෙළඳපොලෙන් බව බහුතරයකගේ විශ්වාසයයි.
විශේෂයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද චීනය කොරෝනා වෛරසයේ ආරම්භය වසන් කිරීමට උත්සාහ කරන බවට චෝදනා කළා.
කෙසේ නමුත්, ඒ පිළිබඳව ස්වාධීන විමර්ශනයකට චීනය එකඟ වී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ පැවති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුවයි.
කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා 74,534,155 වැඩි පිරිසකට ආසාදනය වී ඇති අතර, කොරෝනා මරණ සංඛ්‍යාව 1,655,226කට අධිකයි.
Share This Article