කොරෝනා වෛරසයේ සුලමුල සොයා ලෝක සෞඛ්‍ය සංවිධානය වූහාන් නුවරට
Thursday, 17 December 2020 - 9:12 | Views - 353
කොරෝනා වෛරස් ගෝලීය වසංගතයේ මූලාරම්භය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර විද්‍යාඥයන් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලබන මාසයේ චීනයේ වූහාන් නුවර වෙත පිටත්ව යෑමට නියමිත බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළා.

පසුගිය දෙසැම්බරයේ කොරෝනා වෛරස් ගෝලීය වසංගතය ආරම්භ වූයේ චීනයේ වූහාන් නුවර වනසත්ව මස් වෙළඳපොලෙන් බව බහුතරයකගේ විශ්වාසයයි.

විශේෂයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද චීනය කොරෝනා වෛරසයේ ආරම්භය වසන් කිරීමට උත්සාහ කරන බවට චෝදනා කළා.

කෙසේ නමුත්, ඒ පිළිබඳව ස්වාධීන විමර්ශනයකට චීනය එකඟ වී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ පැවති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුවයි.

කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා 74,534,155  වැඩි පිරිසකට ආසාදනය වී ඇති අතර, කොරෝනා මරණ සංඛ්‍යාව 1,655,226කට අධිකයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top