LPL ජයගත් ජැෆ්නා කණ්ඩායමේ ජය සමරන්න යාපනයේ තරුණයෝ වීදි බසී
Thursday, 17 December 2020 - 9:03 | Views - 542
ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් (එල්.පී.එල්) තරගාවලියෙන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ජයග්රහණය කිරීමෙන් පසුව යාපනයේ තරුණයෝ ප්රීතියට පත්ව රතිඤ්ඤා දල්වමින් ඔවුන්ගේ සතුට ප්රකාශ කර තිබෙනවා.
තරඟයේ පළමු ඉනිමේ ජැෆ්නා කණ්ඩායම පන්දුවට පහර දී අවසන් වීමත් සමඟ මෙලෙස යාපනයේ තරුණයන් මාර්ගවලට පැමිණ රතිඤ්ඤා දල්වමින් ප්රීති වූ බවයි අප වාර්තාකරුවන් ප්රකාශ කළේ.
මෙවර LPL තරඟාවලියට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට යාපනයේ තේවින්ද්රන් ඩිනෝශාන් (18), විජයකාන්තන් වියස්කාන්ත් (19) සහ කනගරත්නම් කබිල්රාජ් (21) තරුණයින් තුන් දෙනෙකුට එක්වීමට අවස්ථාව උදාවූවා.
Share This Article