14 හැවිරිදි දැරියට අතවර කළ තාත්තායි යාළුවායි රිමාන්ඩ් - අනුබල දුන් අම්මාට ඇප
Thursday, 17 December 2020 - 8:44 | Views - 664
දාහතර හැවිරිදි බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ඇයගේ පියා ද පියාගේ මිතුරකු ද එම අපරාධයන්ට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් දැරියගේ මව ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ පියා සහ මිතුරා 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් මව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමටත් දැරිය තාවකාලිකව ඇයගේ ලොකු අම්මාට භාර දීමටත් ගාල්ල අතිරේක මහෙස්ත්රාත් පවිත්රා සංජීවනී පතිරණ මහත්මිය නියෝග කර තිබෙනවා.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ 35 හැවිරිදි පියා සහ 25 හැවිරිදි ඔහුගේ මිතුරා වන අතර ඇප මත මුදා හරිනු ලැබුවේ 32 හැවිරිදි මවයි.
මෙම අපරාධයන් දෙකටම ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මව ද අත්අඩංගුවට ගත් බව අක්මීමන පොලිසිය කියයි.
Share This Article