"ඉදිරි මාස දෙකේදී තත්ත්වය මොන අතට හැරෙයිද කියලා බලමු ..." - රොජර්ට මාස දහයක් ටෙනිස් නැති වෙයි
Thursday, 17 December 2020 - 8:32 | Views - 274
ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාව දිනා ගත් 39 හැවිරිදි රොජර් ෆෙඩරර් ගේ දණිසේ කරන ලද සැත්කමෙන් අනතුරුව මාස 10 ක් යනතුරු ටෙනිස් පිටියට පැමිණීමට නොහැකි බව සඳහන් කරයි. ලබන පෙබරවාරි 8 වැනිදා ආරම්භ වන ඔස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියද ඔහුට අහිමිව යන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

‘‘මම බලාපොරොත්තු වෙනවා ලබන ඔක්තෝම්බර් මාසයේදී 100%ක් සුව වේවි කියලා. නමුත් මම අත හරින්නේ නැහැ. බලමු ඉදිරි මාස දෙකේදී තත්ත්වය මොන අතට හැරෙයිද කියලා.’’ යනුවෙන් ෆෙඩරර් පවසයි.

ෆෙඩරර් අවසන් වරට මෙම වසරේ මෙල්බන් විවෘත ටෙනිස් තරගාවලියට සහභාගි වූ අතර එහිදී අවසන් පූර්ව තරගයේදී නොවාක් ජොකොවිච්ට ඔහු පරාජය වුනා. ‘‘ඉදිරි මාස දෙක දිග හැරෙන්නේ කොහොමද කියලා බලා ඉන්නවා. මම මෑතකදී භෞතික හා ශාරීරික වැඩ රාශියක් කර තියෙනවා. දැන් අපි ටෙනිස් කී‍්‍රඩාව ගැන බලමු. ඔස්ටේ‍්‍රලියානු විවෘත තරගාවලිය සඳහා දැඩි උනන්දුවක් තියෙනවා.’’ යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top