'Made in Sri Lanka' වැඩපිළිවෙළ ජනගත වෙයි
Wednesday, 16 December 2020 - 16:14 | Views - 383
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් බවට පත් කෙරුමට කර්මාන්ත අමාත්‍ය විමල්  මහතාගේ සංකල්පයකට අනුව ස්වදේශීය ව්‍යවසායකයන් දිරිගැන්වීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) විසින් දියත් කරනු ලබන 'Made in Sri Lanka' වැඩපිළිවෙළ ඊයේ සවස සුබ මොහොතින් ජනගත විය.

ඒ සුවිශේෂ අවස්ථාව 2020.12.15 දින කොළඹ ගෝල්ෆේස් හෝටල්  පරිශ්‍රය තුළ නිරෝධායන නීතිරීතිවලට අනුකූලව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී Made in Sri Lanka සන්නාමය, වෙබ් අඩවිය හා තේමා ගීතය ද එළි දැක්විණි.

මෙහිදී ස්වදේශීක ව්‍යවසායකයන් 10 දෙනකුගේ දේශීය නිෂ්පාදන සඳහා Made in Sri Lanka සන්නාමය ලබා දීම ද සිදු කරමින් එම කටයුත්ත අද සිට ඇරඹිණි. ඉදිරියේදී මෙම වැඩපිළිවෙල සමග බැදුනු තවත් ව්‍යාපෘති රැසක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. මෙම අවස්ථාවට බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

Image may contain: 2 people, people standing and beardImage may contain: 2 people, people standing, people dancing and indoorImage may contain: 4 people, people standing, people on stage, beard and indoorImage may contain: 4 people, people standing, beard and indoor, text that says 'w AWANS'Image may contain: 3 people, people dancing, people standing and people on stage
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top