අනියම් පෙමට පිටු පෑ පාසල් ගුරුවරියව, කැබ්රියක හප්පා මරන්න හැදූ කුලී රථ රියදුරෙකු පොලිසිය හමුවේ කියූ කතාව
Wednesday, 16 December 2020 - 15:27 | Views - 51,517
අනියම් පෙමට පිටුපෑ තම අනියම් බිරිය වන ගුරුවරියක කැබ් රථයක හප්පා මරා දැමීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියේ රථ වාහන අංශය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ කුලී රථ රියැදුරෙකු අද (16) දක්වා රිමාන්ඩ් කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා නියෝග කළා.

සැකකරු අද දින පදවිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේදී තමා හමුවට යළි ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා විසින් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට තවදුරටත් නියෝග කරනු ලැබුවා.
 
මෙසේ රිමාන්ඩ් ගත කළේ පදවිය බී යාය අංක 285 ලිපිනයේ පදිංචි ආර්. එම්. බිමල් කසුන් නම් කුලී රථ රියදුරෙක්.
 
බී වාර්තාවක් මඟින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් සැරයන් ධම්මික මහතා සඳහන් කළේ සැකකරු වසර පහක පමණ කාලයක් පාසල් ගුරුවරියක සමඟ අනියම් පෙම් සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවයි.
 
මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ දෙදෙනා පදවිය මූලික රෝහලේත් තවත් තැනැත්තියක් වව්නියාව රෝහලේත් නේවාසිකව ප්‍රතිකාර ලබන බවද අධිකරණයට දැනුම් දුන් සැරයන්වරයා අපරාධය පිළිබඳව සිදු කෙරෙන විමර්ශන තවමත් අවසන්ව නැති නිසා සැකකරු රිමාන්ඩ් කරන ලෙස අයැද සිටියා.
 
සැකකරු අධිකරණය ඉදිරිපත් කළේ මිනීමැරීමට තැත් කිරීම, බරපතළ තුවාල සිදු කිරීම, සුළු තුවාල සිදු කිරීම, සාක්ෂි වසං කිරීම, තුවාල කරුවන් රෝහලට රැගෙන නොයාම හා අපරික්ෂාකාරි රිය ධාවනය යන චෝදනා යටතේයි.
 
අපරාධය සඳහා යොදා ගත් කැබ් රථයද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
 
උපාල් ආනන්ද
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "ලංකාදීප" පුවත්පතෙන්..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top