කන්තලේ ගුවන් අනතුර සිදුවූ ස්ථානය රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ පරීක්ෂාවට
Wednesday, 16 December 2020 - 15:05 | Views - 317
කන්තලේ - සූරියපුර - ජනරංජන වැව ආසන්නයේදී ඊයේ (15) පස්වරුවේ PT - 6 පුහුණු ගුවන් යානය අනතුරට ලක්වූ ස්ථානය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරින් විසින් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එම නිලධාරින්ට අමතරව, විශේෂ අපරාධ සම්බන්ධ පොලිස් කණ්ඩායමක් විසින් ද එම ස්ථානය පරීක්ෂාවට ලක් කළ බවයි.
ඊයේ සිදුවූ මෙම අනතුරෙන් පුහුණු ගුවන් යානයේ 23 හැවිරිදි නියමුවා ජිවිතක්ෂයට පත්වුණා.
ත්‍රිකුණාමලය - චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයෙන් මෙම ගුවන් යානය ගුවන් ගත වී තිබුණේ පුහුණු ගුවන් සැසියක් සඳහායි.
මියගිය නියමුවාගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අද (16) පස්වරුවේ ලැබීමට නියමිතයි.
Share This Article