කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීම සඳහා නව මධ්‍යස්ථාන ඉදිකෙරේ
Wednesday, 16 December 2020 - 14:14 | Views - 510
වැඩි පිරිසකට ප්‍රතිකාර සහ පහසුකම් ලබාදිය හැකි රෝහල් ක්ෂණිකව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරාගෙන එම රෝහල් කොවිඞ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙසට කඩිනමින් පරිවර්තනය කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් කොවිඞ් මර්දන කාර්ය සාධක ක්‍රියාකාරි සමාලෝචන කමිටුව අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී රැස්වු අවස්ථාවේදීයි.
එම අමාත්‍යාංශය නිවේදනය කළේ දැනට පවතින තත්ත්වය අනුව, සෑම දිනක් තුලම, නව ආසාදිතයින් 500 ත් 600 ත් අතර, ප්‍රමාණයක් වාර්තා වන බැවින්, එම ආසාදිතයින් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන කඩිනමින් සැකසීම පිළිබඳව මෙහිදී අවධානය යොමුවූ බවයි.
ඒ අනුව, අදාළ තීරණය ගෙන ඇති අතර, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෙන් කිරීමට සහ අමතර ප්‍රතිපාදන ලෝක බැංකුව හෝ ආසියානු සංවර්ධන බැංකු අරමුදල් වලින් ලබා ගැනීම පිලිබඳවත් සාකච්ඡා වී තිබෙනවා.
Share This Article