මහර සිද්ධියේ පරීක්ෂණ අවසන් කළ මෘත දේහ 4 ක් අද ආදාහනය කරන ලෙස අධිකරණයෙන් නියෝග
Wednesday, 16 December 2020 - 13:31 | Views - 373
මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් මියගිය, දැනට පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකළ මෘත දේහ 4 තවදුරටත් අපරාධ විමර්ශනය සඳහා රදවා තබා ගැනීම අවශ්‍ය නොවන බැවින් ඒවා රජයේ වියදමින් අද ආදාහනය කරන ලෙස වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල නියෝග කළා. මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් මියගිය රැඳවියන් 4 දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා ඇතුළත් රහසිගත වාර්තාවක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන පංච පුද්ගල විශේෂඥ කමිටුව විසින් අද නඩුව කැඳවූ අවස්ථාවේ වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී රැඳවියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා තිබුණේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකළ රැඳවියන් 4 දෙනාගේ දේහ භූමදානය සඳහා ඔවුන්ගේ ඥාතීන් වෙත භාර දෙන ලෙසයි. ඊට නීතිපති දෙපාර්තමේන්තුව විරෝධය පළ කළ අතර, ඒ සම්බන්ධයෙන් වන තීන්දුවයි විනිසුරුවරයා මීට ටික වේලාවකට පෙර ප්‍රකාශයට පත් කළේ.
Share This Article