මහර සිද්ධියේ පරීක්ෂණ අවසන් කළ මෘත දේහ 4 ක් අද ආදාහනය කරන ලෙස අධිකරණයෙන් නියෝග
Wednesday, 16 December 2020 - 13:31 | Views - 374
මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් මියගිය, දැනට පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකළ මෘත දේහ 4 තවදුරටත් අපරාධ විමර්ශනය සඳහා රදවා තබා ගැනීම අවශ්‍ය නොවන බැවින් ඒවා රජයේ වියදමින් අද ආදාහනය කරන ලෙස වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල නියෝග කළා. මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් මියගිය රැඳවියන් 4 දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා ඇතුළත් රහසිගත වාර්තාවක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන පංච පුද්ගල විශේෂඥ කමිටුව විසින් අද නඩුව කැඳවූ අවස්ථාවේ වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී රැඳවියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා තිබුණේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකළ රැඳවියන් 4 දෙනාගේ දේහ භූමදානය සඳහා ඔවුන්ගේ ඥාතීන් වෙත භාර දෙන ලෙසයි. ඊට නීතිපති දෙපාර්තමේන්තුව විරෝධය පළ කළ අතර, ඒ සම්බන්ධයෙන් වන තීන්දුවයි විනිසුරුවරයා මීට ටික වේලාවකට පෙර ප්‍රකාශයට පත් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top