තමිල්නාඩුවේ සුපිරි සිනමා නළු රජිණිඛාන්ත් දේශපාලන පක්ෂය දියත් කළ පසු ඔහු සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව තවත් සුපිරි සිනමා නළුවෙකු වන කමල් හසන් ප්‍රකාශ කළා.
ඒ සඳහා රජිණිඛාන්ත්ගේ දේශපාලන මතවාදය සහ තම දේශපාලන දර්ශනය අතර, සමානත්වයක් පැවතිය යුතු බවයි කමල් හසන් චෙන්නායි නුවරදී මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.
කමල් හසන් විසින් ද මක්කල් නීදි මයියම් නමින්, තමිල්නාඩුවේ දේශපාලන පක්ෂයක් පිහිටුවනු ලැබූ අතර, රජිණිඛාන්ත් සිය දේශපාලන පක්ෂය මේ මස 31 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
කමල් හසන් වැඩිදුරටත් සඳහන් කළේ තමන් සහ රජිණි ඛාන්ත් අතර, සන්ධානයක් ගොඩනැගුවහොත් එය තමිල්නාඩු දේශපාලනයේ දැවැන්ත වෙනසකට මුල්වනු ඇති බවයි.