කාන්තාවන් 8දෙනෙකු එක්ක දීග කෑ තරුණයාගේ ප්‍රේම දැලේ පැටලුණු කෝටිපති ව්‍යාපාරිකයාගේ දියණිය, පොලිස් නිලධාරින් බලා සිටියදීම කළ නොහොබිනා වැඩේ
Wednesday, 16 December 2020 - 10:40 | Views - 4,419
කාන්තාවන් අටදෙනකු සමග දීගකෑ පුද්ගලයකු සමග අනියම් සම්බන්ධතාවක් ඇති කරගත් තිදරු මවක් තම ස්වාමියාට අයත් මෝටර් රථය ද රැගෙන අනියම් පුරුෂයාගේ නිවෙසට විත් තම විවාහක ස්වාමියා සමග නැවත යෑමට නොහැකි බව පවසමින් හඬා වැටුණු පුවතක් රජරට පළාතේ පොලිසියක සුළු පැමිණිලි අංශයෙන් වාර්තා වේ.
 
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.

කෝටිපති ව්‍යාපාරිකයකුගේ වාහන අලෙවිසලක සේවය කිරීම සඳහා රියැදුරකු අවශ්‍ය බවට පුවත්පත් දැන්වීමක් පළකර තිබේ.
 
එම දැන්වීමට අනුව තරුණයකු ඉල්ලු‍ම් කර ඇති අතර ඔහු සේවය සඳහා තෝරාගෙන තිබිණි.
 
දින කිහිපයක් යද්දී අදාළ ආයතනයේ කළමනාකාරිණිය වශයෙන් කටයුතු කළ විවාහක තිදරු මවක වන කෝටිපති ව්‍යාපාරිකයාගේ දියණිය සමග ඔහු අනියම් සම්බන්ධතාවක් ඇතිකරගෙන තිබේ.
 
ඔවුන්ගේ සම්බන්ධය එම කාන්තාවගේ 14 හැවිරිදි දියණියට හසුවී ඇත.
 
අනියම් සම්බන්ධය හසුවීමෙන් පසු මොහු එම ආයතනයෙන් ඉවත් කර ඇති අතර ජංගම දුරකතන මාර්ගයෙන් ඔවුන්ගේ සම්බන්ධය දිගටම පවත්වාගෙන ගොස් ඇත.
 
දින කිහිපයකට පසු තම සැමියාට අයත් මොටර් රථය ද රැගෙන ගූගල් තාක්ෂණය ඔස්සේ මාර්ග සිතියමක් ​උපයෝගි කරගෙන අනියම් පෙම්වතා සිටින ස්ථානයට තම පස් හැවිරිදි දියණිය ද රැගෙන අදාල කාන්තාව පැමිණ ඇත.
 
අදාළ කාන්තාවගේ සැමියා පොලිසියට කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ පොලිසියට දැනගන්නට ලැබී ඇත්තේ, මෙම අනියම් පෙම්වතා මීට පෙර කාන්තාවන් අටදෙනකු සමග අනියම් සම්බන්ධතා ගොඩනගාගෙන ඔවුන් නිවෙසට ගෙනැවිත් එම කාන්තාවන්ගෙන් මුදල් ලබාගෙන ඔවුන් එලවා දමා ඇති බවයි.
 
මෙම පුද්ගලයාගේ විවාහක බිරිය මේ වනවිට විදේශ රැකියාවක නිරත වන අතර ඔහුට දාව දරුවන් තිදෙනකු සිටින බව ද පොලිසියේදී අනාවරණය විය.
 
තම දරුවන් තිදෙනාට මවක් අවශ්‍ය බැවින් තමා සමග නැවත යෑමට පැමිණෙන ලෙස කාන්තාවගේ සැමියා කොතෙක් ආයාචනය කළ ද නව පෙම්වතාගෙන් තමන් දැඩි සතුටක් ලබන බැවින් ඔහු හැරදා යෑමට නොහැකි බව ඇය පවසා තිබේ.
 
දරුවන් තිදෙනකුගේ මවක් බව සිහියේ තබාගෙන මෙවන් අනංගයන්ට රැවැටී තම ජීවිතය විනාශ කර නොගන්නා ලෙස පොලිසියේ නිලධාරීන් කොතෙක් ඉල්ලා සිටිය ද මෙම කාන්තාව එය ප්‍රතික්ෂේප කොට විවාහක පුරුෂයා හා තම දරුවන් කදුළු සලද්දී ළඟදී විවාහ වූ මනාල ජොඩුවක් මෙන් ත්‍රිරෝද රථයක නැගී අනියම් සැමියා සමග පොලිසියෙන් පිටව ගොස් ඇත.
 
රාජාංගණය - නුවන් කුමාර
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "ලංකාදීප" පුවත්පතෙන්..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top