ලෝක ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ දෙවැනි ස්ථානය කෝලිට
Wednesday, 16 December 2020 - 9:30 | Views - 333
ලෝක ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ නැවතත් දෙවැනි ස්ථානයට පත්වන්නට ඉන්දීය නායක විරාට් කෝලි සමත්වී තිබේ.

අදාළ ලැයිස්තුවේදී ඉන්දීය නායක විරාට් කෝලි සමගින් සම තැන් ගැනීමට නවසීලන්ත නායක කේන් විලියම්සන්ද සමත්ව තිබූ අතර නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දීය නායකයා එක් ස්ථානයක් පසුකරමින් එහි දෙවැනි ස්ථානයට පත්වන්නට සමත්ව තිබේ.

අයි.සී.සී. ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානය ප‍්‍රසාද ලකුණු 911ක් ලබා සිටින ඔස්ටේ‍්‍රලියාවේ ස්ටීවන් ස්මිත්ට හිමිව තිබේ. ප‍්‍රසාද ලකුණු 886ක් සමගින් විරාට් කෝලි දෙවැනි ස්ථානයේ පසුවෙද්දී කේන් විලියම්සන් ප‍්‍රසාද ලකුණු 877ක් සමගින් එහි තෙවැනි ස්ථානයේ පසුවේ.

මේ අතර අයි.සී.සී. ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 10 වැනි ස්ථානයට පත්වන්නට ඉන්දීය පිතිකරු අජින්ක්‍යා රහනේ සමත්වී ඇති අතර මීට පෙර එම ලැයිස්තුවේ 10 වැනි ස්ථානයේ රැඳුණු නවසීලන්තයේ ටොම් ලෙතම් 11 වැනි ස්ථානයට පත්වී තිබේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top