මාදිවෙල - බටහිර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය අගමැති අතින් ජනතා අයිතියට
Wednesday, 16 December 2020 - 9:01 | Views - 339
මාදිවෙල - බටහිර නාගරික කෘෂිකර්මාන්ත හා පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කෙරුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ මෙය ජනතා අයිතියට පත් කෙරුණු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළා.

“සෞභාග්‍යයේ  දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව අක්කර 23 ක ප්‍රදේශයක් පුරා විහිදී ඇති මෙම ව්‍යාපෘතිය ආරම්භ වුයේ පසුගිය අප්‍රේල් 21 වනදායි.

කොවිඞ් -19 පළමු රැල්ල පැතිර යන අවස්ථාවේ විවිධ බාධක මැද ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය මාස අටක පමණ ඉතා කෙටි කාලයක් තුළ නිමා කිරීමට හැකි වී ඇති අතර, එහි යල-මහ කන්න දෙකම වගාකිරීමට ජලය සපයා දිය හැකි වැව් දෙකක් තිබීම විශේෂත්වයක්.

ව්‍යාපෘතියට අදාළ ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කර ඇති අතර, එහි මුළු පිරිවැය රුපියල් මිලියන 390 ක්.

එමෙන්ම, කිලෝමීටර් 1.5 ක දිගින් යුත් ඇවිදීමේ මංතීරුවක් සහ පාපැදි මංතීරු දෙකක්, මෙන්ම ළමා උද්‍යානයක්, මෙයට අයත් වනවා. අංග 08 කින් සමන්විත එළිමහන් ව්‍යායාම් ප්‍රදේශයක්, එකවර රථ 40 ක් ගාල් කළ හැකි රථගාලක් මෙම ව්‍යාපාතියට ඇතුළත් බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

Image may contain: one or more people, people standing and outdoorImage may contain: 2 people, people standing and outdoor, text that says 'SLLDC Media Unit'Image may contain: 2 people, people standing, child, beard and outdoor, text that says 'SLLDC Media Unit'
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top