කන්තලේ ගුවන් අනතුරෙන් මියගිය නියමුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද
Wednesday, 16 December 2020 - 8:44 | Views - 493
කන්තලේ - සූරියපුර - ජනරංජන වැව ආසන්නයේදී ඊයේ සිදුවූ ගුවන් අනතුරෙන් මියගිය පුහුණු නියමුවාගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.

ඒ, ත්‍රිකුණාමලය මහ රෝහලේදීයි. ඉන් අනතුරුව දේහය ඔහුගේ ඥාතීන් වෙත භාරදීමට කටයුතු කරන බව ගුවන් හමුදාව සඳහන් කළා.

පුහුණු ගුවන් සැසියක් සඳහා ත්‍රිකුණාමලය - චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයෙන් පී.ටී-හය වර්ගයේ මෙම ගුවන් යානය ඊයේ පස්වරුවේ ගුවන් ගත වී තිබූ අතර, කන්තලේ සූරියපුර ප්‍රදේශයට ඉහළින් පියාසර කරමින් තිබියදී හදිසියේ කඩා වැටුණා.

එහිදී ජීවිතක්ෂයට පත්වුණේ රුවන්වැල්ල - මාපිටිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුහුණු වන කැඩෙට් නිලධාරි ශාලින්ද අමරකෝන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා ගුවන් හමුදාපතිවරයා විසින් විශේෂ කමිටුවක්ද පත් කර තිබෙනවා.

කන්තලේ මහේස්ත්‍රාත්වරයා හා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ඊයේ පස්වරුවේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂා කිරීම්ද සිදුකරනු ලැබුවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top