අද පස්වරු 2න් පසු තැනින් තැන වැසි
Wednesday, 16 December 2020 - 7:34 | Views - 382
දිවයින හරහා ඊසාන දිග මෝසම් කාලගුණික ලක්ෂණ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
දිවයිනේ උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි එහි සඳහන් වන්නේ.
සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
Share This Article