පාරජම්බුල කිරණ, කොරෝනා වෛරසය විනාශ කරන බව හෙළිවෙයි
Tuesday, 15 December 2020 - 15:58 | Views - 1,903
පාරජම්බුල ආලෝක කිරණ නිකුත් කරන ඩයෝඩ හෙවත් යූ.වී. - එල්.ඊ.ඩී. මගින් නව කොරෝනා වෛරසය කාර්යක්ෂමව, ක්ෂණිකව සහ අඩු වියදමකින් විනාශ කළ හැකි බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

මේ නිසා එලෙස පාරජම්බුල කිරණ නිකුත් කරන උපාංග, වායු සමීකරණ සහ ජල පද්ධතීන් වලට සම්බන්ධ කළ හැකි බවයි එම සොයා ගැනීම සිදුකළ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ එක්සත් ජනපද ටෙල් - අවීව් මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක්.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් විෂබීජානුහරණය පිළිබඳ ලොවේම අවධානය යොමුවී ඇති මොහොතක මෙම සොයා ගැනීම විශේෂ වැදගත්කමකින් යුක්ත බව ඔවුන් පෙන්වා දෙනවා.

මෙමගින් බස් රථ, ගුවන් යානා, දුම්රිය, ක්‍රීඩා ශාලා වැනි විශාල ප්‍රදේශ රසායනික ඉසීමෙන් විෂබීජානුහරණයට විශාල ශ්‍රමයක් අවශ්‍ය වන අතර, පාරජම්බුල කිරණ නිකුත් කරන එල්.ඊ.ඩී. විදුලි පහන් ඒ සඳහා ඊට වඩා පහසුවෙන් යොදා ගත හැකිවනු ඇති.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top