ලොක්ඩවුන් කළ අටළුගම කළඹමින්, අක්කා කෙනෙක්, මල්ලිට කතුරකින් ඇන, ඝාතනය කළ හැටි එළියට
Tuesday, 15 December 2020 - 13:55 | Views - 497

"උඹලට විතරක් නෙමෙයි. මටත් ඔය ගෙයි අයිතියක් තියෙනවා. සේරම තනියම අයිතිකරගන්න වෙන්න ඇති හිතාගෙන ඉන්නේ.."
 
අක්කාගේ වාග් ප්‍රහාරය එල්ල වූයේ මල්ලිගේ බිරිය වෙතයි.
 
"මං ඉන්නේ මගේ මිනිහාගේ ගෙදර.. මිනිහගේ දේ මටත් අයිතියි. උඹ නිකන් බොරුවට කෑ නොගහා හිටපන්.."
 
නෑනාගේ කටද හොඳින් මුවහත්ව ආවේ නිකරුනේ අක්කා තමා සමඟ පැටලීම ගැන ඇති වූ කළකිරීමද මුසුවයි. දකින වාරයක් පාසා මෙලෙස සැමියාගේ සහෝදරිය දොස් දෙවොල් තැබීම නෑනාගේ සිතට ගෙන ආවේ වේදනාවක්.

දිනෙන් දින උග්‍රවන මේ වචන හුවමාරුව කෙළවර වන්නෙ දෙදෙනා හොඳටම බැන ගැනීමෙන් අනතුරුවයි.
 
ඉන් පසුව අක්කාගේ දෝෂාරෝපණයට ලක් වූ නෑනා තම දුක දුරකථනයෙන් ඥාතියෙකුට පවසමින් සිටියේ සිතට සහනයක් ලබා ගැනීමේ අටියෙනුයි.
 
බිරියගේ මේ දුක් ගැනවිල්ල නිවසේ සිටි සැමියාට ද හොඳින් ඇසුණා. කුකුළු මස් සුද්ධ කරමින් කුලී වැඩ කර දවස පිරිමසා ගත් පුද්ගලයෙකු වන ඔහු නිවසට වී ගත කළේ ඒකාකාරී ජීවිතයක්. ඒ අටළුගම ගම්මානය හුදකලා කර තිබූ නිසයි. ආර්ථික අහේනියෙන් පීඩාවට පත්ව සිටින ඔහුට නිවසේ ඇතිවන මෙවැනි ගැටුම් හිතට ගෙන ආවේ පීඩනයක්.
 
"මොකද්ද උඹ හැමදාම කියන කතාවේ තේරුම..? මගේ ගෑනිට බනින්න ඕනි නෑනේ. කියන දෙයක් මට කියපන්.."
 
නිවෙස් පිටුපසින් එළියට පැමිණි ඔහු දුවගෙන ගියේ අක්කාගේ නිවසට යි.
 
"අම්මා තාත්තාගේ දේ මට අයිතියක් නැද්ද. උඹේ ගෑනි අරන් ආව දේවල් නෙවෙයි ඕවා.."
 
අක්කාත් පරාද වීමට සුදානම් වූයේ නැහැ. දෙදෙනාගේ ගැටුම උත්සන්න වෙද්දි අක්කාගේ ඇස ගියේ නිවසේ තිබූ කතුරක් වෙතයි. ඔහුගේ බිරිය අක්කාගේ නිවස දෙසට දුවගෙන ආවේ ඒ දෙසින් ඇසුණ කෑ ගැසීම කුමක් දැයි දැන ගැනීමටයි. එවිට ඇය දුටුවේ තම සැමියා අක්කාගේ මිදුලේ එනම් තම නිවස පිටුපස වැටී සිටින අයුරුයි.
 
ලේ විලක් මැද ඔහු වැටී සිටියේ උඩුබැලි අතටයි. ඔහුගේ යටිබඩ ප්‍රදේශ තුවාල වී ලේ ගලමින් තිබෙන බව දුටු ඇය කෑ ගසන්නට වුනා.
 
මේ සිද්ධිය වූයේ බණ්ඩාරගම, අටළුගම, බමුණුමුල්ල ප්‍රදේශයේයි. බණ්ඩාරගම නගරයේ සිට බමුණුමුල්ලට ළඟා විය හැකි මාර්ග දෙකක් තිබුණා. ඒ බණ්ඩාරගම කළුතර ප්‍රධාන මාර්ගයේ ගොස් බමුණුමුල්ල හන්දියෙන් වැටී ඇති අතුරු පාරේ හෝ බණ්ඩාරගම, කොලමැදිරිය මාර්ගය ඔස්සේ යි.
 
බණ්ඩාරගම රෝහලට ළඟාවීමට පහසු මඟ වූයේ කොලමැදිරිය පාර බැවින් තුවාලකරු ඔසවාගත් පිරිස අලෝතියාව හන්දියේ හන්දියේ ඇති පොලිස් මුරපොළ වෙත පැමිණ එතැනින් ත්‍රිරෝද රථයක දමාගෙන ඔහුව රෝහල කරා රැගෙන යාමට කටයුතු කළේ ප්‍රමාද වුවහොත් ඔහුගේ ජීවිතයට සිදු විය හැකි අනතුර සුළු පටු නොවන නිසායි.
 
එහෙත් ඔවුන්ගේ උත්සහය අසාර්ථක කරමින් දැන ගන්නට ලැබුණෙ එම පුද්ගලයා මිය ගොස් ඇති බවයි.
 
පසුගිය හයවැනිදා සවස පහත් හයත් අතර කාලයේ මේ සිද්ධිය ගැන බන්ඩාරගම පොලිසියට ආරංචි වුනා. විමර්ශන ඇරඹූණේ ඉන් අනතුරුවයි.
 
පොලිසිය යන විටත් තුවාලකරු රෝහල්ගත කර තිබුණු අතර ඔහුගේ බිරිය පවසා සිටියේ තමා බලන විට සැමියා ලේ ගලන තුවාල සහිතව මිදුලේ වැටී සිටි බවයි.
 
"අක්කලගේ ගේ පැත්තෙන් කෑ ගහන සද්දයක් ඇහිලා මම බලනකොට එයා උඩුබැලි අතට මිදුලේ වැටිලා හිටියා. යටි බඩ හරියේ තුවාල වෙලත් තිබුණා. එතන කතුරකුත් වැටිලා තියෙනවා දැක්කා.."
 
මෙසේ මිය ගොස් තිබුණේ මොහොමඩ් ජෙසින් මොහොමඩ් රියාස් නම් තිස් එක් හැවිරිදි එක් දරු පියෙක්. මාස හයක සිඟිති ගැහැනු දරුවෙකුගේ පියෙකු වන ඔහු, ඔහුගේ බිරිය මව හා පියා සමඟ ජීවත් වූයේ මේ නිවසේ යි.
 
සැකකාර කාන්තාව නිවසින් පලාගොස් එම ගම්මානයේම සැඟව සිටින අතර ඇය අත්අඩංගුවට ගැනීමේ කටයුත්ත අපහසු වී ඇත්තේ මෙම ප්‍රදේශයේ විශාල පිරිසකට කොරෝවා වැළඳී ඇති හෙයිනුයි.
 
ඊට අමතරව ඇය අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම, අධිකරණයට ඉදිරිපත් කිරීම ආදිය අවදානම් බැවින් පොලිසිය ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන්නේ අධිකරණය ලබා දෙන නියෝග අනුවයි.
 
පසුගියදා ලැබී ඇති පීසීආර් ප්‍රථිපල අනුව මිය ගිය පුද්ගලයාගේ බිරිඳද ආසාදිතයෙකු ලෙස තහවුරු වී තිබෙන නිසා විමර්ශනවලට විශාල බාධාවක් එල්ල වී තිබෙනවා.
 
විනීතා මානෙල් ගමගේ විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top