නව කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන්
Tuesday, 15 December 2020 - 10:18 | Views - 333
ඊයේ (14) හඳුනාගත් නව කොරෝනා ආසාදිතයින් 688 දෙනා අතරින් 200 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 117 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 113ක් ඊයේ වාර්තා වූ අතර, විදේශ මුහුදු ආරක්ෂකයින් තුන්දෙනෙකු ද නව ආසාදිතයින් අතර සිටින බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.
මේ වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 79 ක් තුළ පුද්ගලයින් 7813 ක් තවදුරටත් නිරෝධායනය වෙමින් සිටිනවා.
Share This Article