හාමුදුරුවනේ, මේක තමා මම අවුරුදු 7ක ඉඳලා ආදරෙන් පාවිච්චි කළ එකම සෙල්ලම් බඩුව- මේකට මම අදටත් ගොඩාක් කැමතියි
Tuesday, 15 December 2020 - 9:42 | Views - 340
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අදටත් ආශා කරන සෙල්ලම් බඩුවක් පිළිබඳ නෙල්ලිගල පුදබිමේ ස්වාමීන් වහන්සේ නමක් තැබු සටහනක් අන්තර්ජාලයේ මේවන විට සැරිසරමින් පවතිනවා.

එම සටහන පහතින්....

හාමුදුරුවනේ, මේක තමා මම අවුරුදු 7ක ඉඳලා ආදරෙන් පාවිච්චි කල එකම සෙල්ලම් බඩුව. මේකට මම අදටත් ගොඩාක් කැමතියි.
ඒ ඇයි ඔයා ඕකට කැමති ? මම ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිතුමාගෙන් මේ ගැන අහන්න යනකොට එතෙන්ට ආපු හමුදාපතිතුමාගෙ තාත්තා පරණ කතාවක් කියන්න ගත්තා.

" හාමුදුරුවනේ මම මේක චුටාට අරන් දුන්නේ අවුරුදු 7දි.( හමුදාපතිතුමාට තාත්තා ආදරේට කියන්නෙ චූටා කියලා )

දවසක් අපි පවුලේ අය ඔක්කොම විනෝද ගමනක් ගියා. ගිහින් එනකොට සෙල්ලම් බඩු කඩයක මේ සෙල්ලම් යුධ ටැංකිය තියනවා දැකලා ඒක අරන් දෙන්න කියලා අඩන්න ගත්තා. මම ඉතින් ඒක වැඩිය ගණන් ගන්නේ නැතිව බෑ කිව්වා. මට ඒක අරන් දුන්නෙ නැත්තන් මම යන්නෙ නෑ කියලා ඊට පස්සෙ පුතා බිම ඉඳගන මහ හයියෙන් කෑ ගහලා අඩන්න පටන් ගත්තා. පස්සෙ බේරන්නම බැරි තැන මම ඉතින් ඕක අරන් දුන්නා හාමුදුරුවනෙ. එතකොට තමයි අඩන එක නතර කලේ.
ඊට පස්සේ ඒ සෙල්ලම් යුධ ටැංකිය ආදරයෙන් ළඟ තියාගෙන සෙල්ලම් කලා විතරයි වෙන කිසි සෙල්ලම් බඩුවක් කවදාවත් ඉල්ලලා නෑ.

ඒක අහපු ගමන් මගෙත් ඇස් වලට කඳුලක් ආවා. බලන්න දැන් වර්තමානය එක්ක කල්පනා කරලා ජිවිතයේ හැම දේම හරි දෛවෝපගතයි නේද ? එදා සෙල්ලම් යුධ ටැංකිය ඉල්ලලා අඩපු පුංචි දරුවා ඊට අවුරුදු ගාණකට පස්සෙ අපේ මව්බිම ත්‍රස්ථවාදීන්ගෙන් රැක ගන්න යුධබිමේ ඉදිරිපෙළ සටන්කරුවෙක්. ඔහු රටක් ආදරය කල අපේ යුධ සෙන්පති ශවේන්ද්‍ර සිල්වා. අද එතුමා අපේ රටෙ අභිමානවත් යුධ හමුදාපතිවරයා. කොරොනාවෙන් ර⁣ට රැක ගන්න, මිනිසුන් රැකගන්න අදත් ජනාධිපතිතුමාට අගමැතිතුමාට ඉන්න ලොකුම හයිය එතුමා.

ශවේන්ද්‍ර සිල්වා හමුදාපති තනතුරට පත්වෙලා, දළදා හාමුදුරුවෝ වන්දනා කරලා, අස්ගිරි මල්වතු, උභය විහාරයට ගිහින් අනතුරුව මාතලේ එතුමාගේ ගෙදරට ගියා තාත්තව බලන්න.

හමුදාපතිතුමාගෙ අම්මා හිටපු ගුරුවරියක්. අදට එතුමිය නැතිවෙලා අවුරුදු එක හමාරක් විතර වෙනවා . ඉතින් ගිය ගමන් තාත්තාට දණ ගහලා වැඳලා එක පාරටම ගියෙ බුදු කාමරයට. මමත් ඔහු එක්ක ගියා .එතන බුදු පුදට වෙන්කරපු තැන. එතන පහන පත්තු කරලා, සුවද දුම් පුජා කරලා මේ කතාව කිව්වෙ.

හාමුදුරුවනේ...මම පුංචි කාලේ ඉඳලා මෙතන තමා අම්මා එක්ක බුඳුන් වැන්දේ. මට මේ තැන ගැන ලොකු විශ්වාසයක් තියනවා. ගෙදර ආපු හැම වෙලාවකම මම මගේ අතින් පහන පත්තු කරලා, හදුන් කූරු දල්වලා වැඳලා යන්නෙ. මේ තැනට ආපුවම මගේ හිතට අමුතු හැඟීමක් දැනෙනවා කියලා.

එහෙම කියලා බුදු කුටි⁣යේ තියන පිළිම පිළිබඳ තොරතුරු කියලා දුන්නා මට. එතනම පැත්තකට වෙන්න පොඩි ලෑලි ආසනයක බඩු බාහිරාදිය කීපයක් තිබුණා. එතන විශේෂයෙන් ඇහැ ගැටෙන කුඩා සෙල්ලම් යුධ ටැංකියක් තිබුනා .මම ඇහැව්වා මේ මොකක්ද හමුදාපතිතුමනි කියලා. ඒ වෙලාවෙ තමයි මම මේ ෆොටෝ එක ගත්තේ.

ඇත්තටම මේ කතාව අපේ දරු පරම්පරාවට කොතරම් ආදර්ශයක්ද ? පුංචි කාලයේ ඉදලා අධිෂ්ඨානය, කැපවිම තියෙනවනම් අපිට ඕනෑම අභියෝගයක් ජයගන්න පුලුවන්. ඒ වගේම තමයි රට ජාතියට තියෙන ආදරය පොඩි කාලෙ ඉඳලම වර්ධනය කරගන්න ඕන. සෙල්ලම් යුධ ටැංකියකට ආදරය කල ඔහු අද රටක් ආදරය කරන සමස්ත යුධ හමුදාවටම නායකත්වය දෙන ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා.මම පුද්ගලිකව දන්න දෙයක් තමයි හැම වෙලේම එතුමා කල්පනා කරන්නේ යුධහමුදාවේ ගෞරවය ආරක්ෂා කරන විදිහ. ඇත්තටම එතුමා හමුදාවට, නිළ ඇඳුමට ගොඩාක් ආදරෙයි. එතුමාගේ හදවතේ පුදුම ගෞරවයක් තියෙන්නෙ යුධ හමුදාවටයි නිළ ඇඳුමටයි. මම දන්න එක දෙයක් කියන්න කැමතියි. ඇත්තටම එතුමා මේ රට රකින්නම සසරෙන් ආපු අපේ කළණ මිතුරෙක්.

තෙරුවන් සරණයි..!
මම නෙල්ලිගල හාමුදුරුවෝ

Image may contain: indoor

Image may contain: 1 person, standing and indoor

උපුටාගැනීම අන්තර්ජාලයෙනි.......
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top