රටම කම්පාවට පත් කළ, නෙදර්ලන්ත ජාතික හිමිනමගේ අපවත්වීම ගැන හොයන්න, STF 60ක් පොල්ගස්දූව පීරයි
Tuesday, 15 December 2020 - 9:26 | Views - 451
ගාල්ල, රත්ගම, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ විසූ නෙදර්ලන්ත ජාතික ජිනවංශ හිමිනම අපවත් වීම සම්බන්ධයෙන් කිසියම් හෝ හෝඩුවාවක් ලබාගැනීම සඳහා පොලිසිය හා විශේෂ කාර්ය බළකාය එක්ව පොල්ගස්දූව හා ඒ අවට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.
 
ඒ සඳහා පොලිසියේ හා එස්.ටී.එෆ්. නිලධාරීන් 60කට වැඩි පිරිසක් සහභාගි වූහ.

බෝට්ටු ආධාරයෙන් පොල්ගස්දූවට ගිය මෙම නිලධාරීන් පොල්ගස්දූවේ කැලෑබද පෙදෙස් දැඩි සෝදිසියකට ලක් කළ අතර ජිනවංශ හිමියන් වැඩ සිටි කුටිය හා ඒ අවටද සෝදිසියට ලක් කළහ.
 
මෙම මෙහෙයුමට ගාල්ල පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථානවල නිලධාරීන් සම්බන්ධ කරගෙන තිබිණි.
 
උන්වහන්සේගේ මරණය පිළිබඳ විමර්ශන කරන රහස් පොලිසිය ඇතුළු විමර්ශන කණ්ඩායම්වලට කිසියම් සැක උපදවන හෝඩුවාවන් රැසක් ලැබී තිබේ.
 
විමර්ශන නිලධාරීන් උන්වහන්සේ රැඳී සිටි කුටිය සෝදිසි කරද්දී උන්වහන්සේගේ පිණ්ඩපාතය සඳහා රැගෙන යන පාත්තරය කුටිය තුළ විසිවී තිබූ අයුරු දැක ගැනීමද කිසියම් සැකයක් මතු වී ඇත. උන්වහන්සේ විසින් පැදයන ඔරුව වෙනත් තැනකත් තවත් තැනක ඔරුවේ හබල තිබීමත්ද ගැටලු සහගත තත්ත්වයක් බව විමර්ශන නිලධාරියෙක් කීය.
 
විමර්ශන කණ්ඩායම්වලට අමතරව පොලිස්පතිවරයාගේ නියෝග මත රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි රන්ජන් ළමාහේවා මහතා ප්‍රමුඛ කණ්ඩායමක්ද මේ වන විට පොල්ගස්දූව ප්‍රදේශයට ගොස් විමර්ශනයක් කරමින් සිටිති.
 
කීර්ති මෙන්ඩිස්
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්...

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top