අඩු ආදායම්ලාභින් සහ මධ්‍යම පාන්තිකයින්ට කඩිනමින් නිවාස 7500 ක්
Tuesday, 15 December 2020 - 8:05 | Views - 304

අඩු පහසුකම් සහිත ජනාවාසවල ජීවත් වන ජනතාව සහ මධ්‍යම පාන්තිකයින් වෙනුවෙන් නිවාස 7,500 ක් ඉදිකිරීම වහාම ආරම්භ කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නාගරික සංවර්ධන අධිකාරියට ඊයේ(14) උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ, එම අධිකාරියේ ව්‍යාපෘති සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදීයි.
ඒ අනුව, මේ මස අවසන් වීමට පෙර මෙම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කෙරෙන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.
මධ්‍යම පාන්තිකයන් සඳහා නිවාස ලබාදීමේදී අවම මූලික ගෙවීමකින් නිවාස හිමිකම් ලබා දෙන ලෙස ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙහිදී උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව, වසර 30 ක් දක්වා සියයට 6යි දශම 2 යි 5 ක පොලී අනුපාතයක් යටතේ නිවාස ලබාදීමටයි සාකච්ඡාවේදී තීරණය කර ඇත්තේ.
එසේම, පෑලියගොඩ - මැනිං වෙළඳපොලේ කඩ කාමර වල මාසික කුලිය සඳහා යම් කාල පරාසයකට සියයට 50 ක වට්ටමක් ලබාදෙන ලෙසටද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
මාදිවෙල බටහිර නාගරික කෘෂිකර්මාන්ත සහ පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය අද අග්‍රාමාත්‍යවරයා අතින් ජනතා අයිතියට පත් කෙරෙනවා.
පසුගිය අප්‍රේල් 21 වනදා මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ වූ අතර, ඇවිදින මංතීරුවක්, පාපැදි මංතීරු දෙකක්, ළමා උද්‍යානයක් සහ එළිමහන් ව්‍යායාම ප්‍රදේශයක් ඊට ඇතුළත්.
Share This Article