මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ස්වර්ණමය යුගය, ඉදිරි වසර පහයි
Monday, 14 December 2020 - 16:25 | Views - 722
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්ත ආශ්‍රිත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ හා මැණික් හා ස්වර්ණාභාරණ කර්මාන්ත ආශ්‍රීත වල නියැලෙන්නන්ගේ සමිති සමාගම්වල ප්‍රධානීන් අතර, හමුවක් අද (14) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේදී පැවැත්විය.

වසර ගණනාවක් පුරාවට රත්නපුර ජනතාවට හා වෙළඳුන්ට සිහිනයක් පමණක් වු රත්නපුර දෙමුවාවක මැණික් කුළුණේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රධානීන් දැනුවත් කෙරිණි. 2021 ජනවාරි මස 05 වන දින උදෑසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් “මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ජාත්‍යන්තර මැණික් කුළුණ” ඉදිකිරීම් කටයුතු රත්නපුර දෙමුවාවක දී ආරම්භ කරන බවත් සඳහන් කළේය.

තමාගේ මෙහෙයවීමෙන් හා මඟ පෙන්වීමෙන් ශ්‍රී ලංකාව මැණික් වෙළඳාම තුළ ලෝකයේ අග්‍රස්ථානයට පත් කරන ස්වර්ණමය යුගය ඉදිරි වසර 05 බවත් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ප්‍රකාශ කළේය.

තව ද, අමාත්‍ය ලොහාන් රත්වත්තේ  මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්ත ආශ්‍රිත රාජ්‍ය අමාත්‍යාංශය භාරගත් දින සිට මේ දක්වා ක්ෂේත්‍රය උන්නතිය වෙනුවෙන්  සිදු කළ කාර්යන්
•           පුද්ගලික ඉඩම් වල පවතින මැණික් සම්පත ගොඩ ගැනීමට අදාල මැණික් ගැරීම් බලපත්‍ර ලබාදීම සරල කොට එක් වහලක් යට බලපත් නිකුත් කිරීම් සේවාව (One Stop Shop) ආරම්භ කිරීම.
රජයේ ඉඩම් වල පවතින මැණික් සම්පත නීතියානුකූලව නෙළා ගැනීමට ඇති බාධාවන් සහ ප්‍රමාදයන් ද ඉවත් කිරීමට කටයුතු කර ඇත. අදාළ චක්‍රලේඛය 2020.11.10 දිනැතිව නිකුත් කොට විවිධ බලපත්‍ර හො අනුමැතීන් ලබා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කර ඇත.
•           2017 වර්ෂයේ සිට මැණික් හො ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් වෙත උපයන ලාභය මත පනවා ඇති 14%ක බද්ද ඉවත් කිරීමට පියවර ගැනීම.
•           ක්ෂුද්‍ර සහ සුළු කර්මාන්තකරුවන් සඳහා තම පාරම්පරික ස්වර්ණාභරණ කර්මාන්තය කරගෙන යාමට අවශ්‍ය කාරක ප්‍රාග්ධනය සපයා ගැනීම සඳහා ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කරමින් පවතී.
ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍යනය යටතේ 2021 වසරේ සිට ක්‍රියාත්මක කිරිමට යෝජිත ණය යෝජනා ක්‍රමයට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යංශය එකඟ වී ඇත.
•           නව මැණික් නිධි ගවේෂණය ප්‍රමුඛ කාර්යයක් සේ හදුනාගෙන ඇති අතර ඒ අනුව, පර්යේෂණ ආයතනය විසින් බදුල්ල,මොනරාගල හා ගාල්ල යන දිස්ත්‍රික් 3 හි ඉඩම් 11 ක් හදුගෙන ඇත.‍තෝරාගත් ස්ථානවල trial mining සිදු කිරීමට නියමිතව ඇත.
•           මහා පරිමාණයෙන් අනවසරයෙන් බැකෝ යන්ත්‍ර යොදා ගෙන සිදු කරනු ලබන මැණික් හැරීම් නැවැත්වීමට අවශ්‍ය කටයුතු කිරීම.
මේ යටතේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ඇති විශේෂ වැටලීම් ඒකකය ශ්‍ක්තිමත් කිරිමට කටයුතු කර ඇත. අධිකාරිය විසින් මහපරිමාණ වැටලීම් සඳහා අවශ්‍ය සෑම අවසේථාවකදීම පොලිසීයේද, පොලිස් විශේෂ කාර්ය බලකායේද සහගයෝගය ලබා ගැනිමට කටයුතු කරයි.
·               තැපෑල හරහා විදේශයන්ට යැවෙන පාර්සල් දැනට DHL ක්‍රමය හරහා යැවෙන අතර, ඒ සදහා විශාල පිරිවැයක් දැරීමට සිදු වී ඇත. මෙම තත්ත්වය අවම කර තරඟකාරී ලෙස මෙම සේවාව සැපයීමට හැකි වන ලෙස EMS ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිළිබඳව තැපැල් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කරමින් පවතී.
ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවතින ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය යටතේ පාලනය වන ස්වර්ණාභරණ අලෙවිසැල් වඩා ඵලදායීව යොදා ගැනීමට කටයුතු කිරීම හා අදාළ මධ්‍යස්ථානය වෙත අලෙවිකරුවන් හා ගැණුම්කරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම.
අදාල අලෙවිසැල් සඳහා විදේශීය ගැනුම්කරුවන් ආකර්ශණය කරගැනීමට ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ප්‍රචාරණ වීඩියෝ දැන්වීම් පල කිරිම සඳහා අදාළ දැන්වීම සකස් කිරිමට ප්‍රසම්පාදන කටයුතු අරඹා ඇත.
•                කොළඹ රන් වෙළඳපල (Gold Market) සංකීර්ණය සංවර්ධනය කිරීම සදහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින අතර, ඒ තුළින් දෙසේ විදෙස් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබෙන අතර, එමගින් වෙළඳුන්ගේ ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත.
•                රත්නපුර හා කොළඹ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථාන පිහිටුවීමට තීරණය කර ඇත. රත්නපුර මධ්‍යස්ථානෙය් ඉදි කිරිම් කටයුතු 2021 ජනවාරි මස ආරම්භ කිරිමට කටයුතු කරමින් පවතින අතර, කොළඹ මධ්‍යස්ථානය ඉදි කිරීම සදහා ඉඩම පවරා ගැනිමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.
•                ජත්‍යන්තර මට්ටමේ මැණික් රසායනාගාරයක් අධිකාරියේ හා පර්යේෂණ හා පුහුණු ආයතනයේ කටයුතු සදහා පරිහරණයට ගත හැකි වන ආකාරයට අමාත්‍යංශ පරිශ්‍රයේ ස්ථාපනය කිරීමට කටයුතු සිදු කරමින් පවතී.
•                මැණික් කැණීමෙන් පසු අත්හරින ලද පතල් වලවල් නිසි පරිදි වැසීම සදහා ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම. මේ යටතේ මැණික් කැණීම් අවසන් කර සති 02 ක් ඇතුළත අදාළ පතල් වලවල් වැසීමට කටයුතු කරනු ලැබේ.
•                මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ප්‍රවණතාවයන්ට සරිලන පරිදි වෘත්තීය පුහුණු පාඨමාලා සංවර්ධනය කිරීම හා බදවාගන්නා පුහුණුලාභීන් ප්‍රමාණය වැඩි කිරීම තුළින් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්ත ක්ෂේත්‍රයේ වෘත්තීමයභාවය ඉහළ නැංවීමට කටයුතු කරමින් පවතී.
මේ යටතේ සමඟ සාකච්ඡා කර, මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ සංවර්ධනය සදහා අවශ්‍ය වන මූල්‍ය කළමනාකරණය, අලෙවිකරණය යන විෂයයන් ඇතුළත් වන පරිදි ඩිප්ලෝමා හා උපාධි පාඨමාලා පැවැත්වීමට කටයුතු කරමින් පවතී. මෙමගින් මැණික් කැපීම/ඔපදැමීම, ස්වර්ණාභරණ නිෂ්පාදන ක්ෂේත්‍රයේ විදේශ රැකියා අවස්ථා ලබා ගැනීම් විභවතාවයක් පවතී.

•                මැණික් ඇති ප්‍රදේශ ලෙස හඳුනාගත් ප්‍රදේශයන්හි පුරන්වු කුඹුරු ගොවිජන සේවා පනත් ප්‍රතිපාදන මත කුඹුරු වර්ගීකරණයන් ඉවත් කොට මැණික් ගැරීමට යොදා ගැනීම.

පුරන්ව ඇති කුඹුරු ඉඩම් සෘජුවම ඵලදායී කාර්යයන් සඳහා යොදාගැනීමට අවශ්‍ය අවකාශය සැලසෙන පරිදි සකස් කරනු ලබන අදාල ලේඛනයට මැණික් පතල් කර්මාන්තය ඵලදායි කාර්යයක් ලෙස ඇතුලත් කරන ලෙස ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

මෙම හමුව සදහා අමාත්‍යාංශ ලේකම් එස් එම් පියතිස්ස මහතා,අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් හා මහජන සබදතා නිළධාරි ප්‍රියන්ත රත්නායක මහතා, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා ඇතුලු බළධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Image may contain: 1 person, standingImage may contain: 3 people
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top