ජපන් තරුණියගේ පෙම්වතා මුල්වරට මාධ්‍යට හෙළිකළ කතාව
Monday, 14 December 2020 - 16:12 | Views - 391
ශ්‍රී ලංකාවෙන් ජපානයට ගිය 23 හැවිරිදි තරුණයෙකු කෝටිපති පවුලක 15 හැවිරිදි තරුණියක පැහැරගෙන ආ බවට මීට සති කිහිපයකට පෙර තොරතුරු වාර්තා වුණා.
අදාළ තරුණයා මෙරට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට ඇප නියම වූ අතර පසුව පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කාලසීමාව නිමකළ ඔහු අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකළා.
එම ප්‍රකාශය පහතින්.
මේ අතර තරුණයාගේ නැඟණිය විවාහ වීමට සිටි තරුණයට කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධයකින් පහරදී කැපුම් තුවාල සිදු කර තිබෙනවා.
ඔහු මෙම පහර කෑමට ලක්ව ඇත්තේ ජපන් තරුණියගේ සිද්ධියට අදාළව අත්අඩංගුවට පත්ව ඇප මත සිටියදීයි.
ඥාතීන් චෝදනා කරන්නේ ජපන් තරුණියගේ මවගේ ශ්‍රී ලාංකික පෙම්වතා වන කොස්තා නැමැත්තා විසින් මෙම පහරදීම සිදුකළ බවටයි.
ඒ සම්බන්ධයෙන් ඊයේ දිනයේ අප ගෙන ආ වාර්තාව පහතින්.
Share This Article